සුවය

ගැබිණි මව්වරුන්ට ඇතිවන කෙණ්ඩා පෙරළීමේ රෝගය

ගර්භණි කාලයේදී මව්වරුන් විවිධ රෝගාබාධ, ආසාදන තත්ත්වයන්ට මුහුණ දීම සුලභ කාරණයක්. ඒ අතරින් කෙන්ඩා පෙරළීම කියන්නෙත් එවන් සුලභ තත්ත්වයක්. මාංශ පේශී හරහා එන වේදනාත්මක තත්ත්වයක් ලෙසින් මෙය හඳුන්වන්නට පුළුවන්. රුධිර සංයුතියේ සිදුවන වෙනස්කම, රුධිරය එක් තැනකට එකතුවීම එහි තෙරපීම නිසා මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. බොහෝවිට ගැබිණි මව්වරුන්ට මෙය සෑදෙන නිසා සාමාන්‍ය තත්වයක් විදියටත් අපට කෙණ්ඩා පෙරලීම ගැන කතා කරන්න පුළුවන්.

බලපාන හේතු

නිශ්චිතවම කිවනොහැකි වුවත් විජලනය නිසා මෙය ඇතිවෙන බව පැවසෙනවා. බොහෝ මව්වරු ගැබිණි සමයේදී වතුර හෝ වෙනත් පානයන් ගැනීම අඩු කරනවා. ඒ අප්‍රිය නිසා. මෙය ද හේතුවක් වන්නට පුළුවන්.

එකම ඉරියව්වෙන් එක තැන දෙපා තබා ගෙන සිටීමත් මේ සඳහා බලපානවා.

දියවැඩියාව තිබෙන මව්වරුන් ද මේ තත්ත්වයට ගොදුරු වෙනවා.

වලක්වා ගන්නේ කොහොමද….?

විජලනය වීම වලක්වා ගන්න. හැකි සෑම විටම ජලය පානය කරන්න. වතුර අප්‍රිය නම් තැඹිලි හෝ ජීවනී වැනි දියර වර්ගයක් පානය කරන්න.

එකම ඉරියව්වෙන් වාඩිවී නොසිට ඇවිදීමෙන් සහ සුදුසු ව්‍යායාම මගින් මේ තත්ත්වය ඇතිවීම වලක්වා ගත හැකියි. ඔබේ වෛද්‍යවරයාගෙන් සුදුසු ව්‍යයායාම නිර්දේශ කරවා ගන්න.

වේදනා නාශක වලට හුරු නොවී මේ විදියට මෙම තත්ත්වය වලක්වා ගන්න.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
%d bloggers like this: